මෙම උලෙළ මෙම මස 03 වැනිදා සිට 09 වැනි දක්වා යාපනයේදී පැවැත්වේ. මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 18ක් නියෝජනය කරයි. සිනමාපට 60කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරන්නට නියමිත අතර එහි සමාරම්භක උත්සවය යාපනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. එහිදී පළමු දිනයේ පුට් රේවතිගේ කොඩායි ඉරුල් දෙමළ සිනමාපටය ප්‍රදර්ශනය කෙරිණි. යාපනයේ විශ්වවිද්‍යාලයේ කෛයිලාශපති ශ්‍රවණාගාරය, යාපනය, නුවර පාරේ පිහිටි කලට් ආයතනය හා අමෙරිකන් සෙන්, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයන්හිදී සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. මෙවර සිනමා උලෙළේ තරගකාරී අංශ හතරක් නියෝජනය කෙරේ. හොඳම දේශීය කෙටි චිත්‍රපටයට සිලෝන් තියටර් සම්මානයද පිරිනමනු ලබයි.
හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය, හොඳම කුලුඳුල් සිනමාපටයට හිමි සම්මානය, ආසියාවේ නැවුම් නිර්මාණශීලි සිනමාපටය හිමි සම්මානය, ප්‍රේක්ෂක සම්මානය, ජනප්‍රිය සම්මානයන් සමඟ ජීවිතේ එක් වරක් දෙනු ලබන යාවජීව සම්මානයත් පිරිනැමීමට නියමිතය.
කන්නඩ සිනමා අධ්‍යක්ෂවරයකු වන ගිරිෂ් කසරවල්ලි වෙත ජීවිතයේ එක් වරක් පමණක් පුද දෙනු ලබන යාවජීව සම්මානය මෙවර හිමිවේ.
එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ නාට්‍ය උලෙළ මෙවරත්
වාර්ෂිකව පවත්වනු ලබන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ නාට්‍ය උලෙළ මෙම මස 01 වැනිදා සිට 07 දක්වා දිනපතා සවස 6.45ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. 5දා පෙමතො ජායති සෝකෝ, 6 දා රත්නාවලි, 7දා සිංහබාහු වේදිකාගත කිරීමට නියමිතය.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී
පසුගිය සැප්තැම්බර් 2 වැනිදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී ධුරයට ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය තේරිපත් වූවාය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සම්භාවනීය අරාධිතයින්, ආචාර්යවරු සහ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.
ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. පශ්චාද් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පර්යේෂණ සහිත පශ්චාද් උපාධියක්ද ලැබුවාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි කළමනාකරණය ආයතනයෙන් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසමත් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද විශිෂ්ට පර්යේෂණයක් සඳහා ඇය 2023 වර්ෂයේදී ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්ථාපිත සාර්ක් විශ්වවිද්‍යාලයේ ආරම්භක පරිපාලන නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ආරම්භයේ සිට එය නගා සිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ දීප්තිමත් පරිපාලන නිලධාරිනියකි.
පාස්පෝට් මාධ්‍ය දැක්ම 10 දා
ක්‍රිෂ් ඇන්තනී විසින් අධ්‍යක්ෂණය කරන ලද පාස්පෝට් සිනමා පටයේ මාධ්‍ය දැක්ම ලබන 10 වැනි දින ප. ව. 4.30ට One Galle Face PVR සිනමා හලේදී පැවැත්වේ. පාස්පෝට් නිෂ්පාදනය ආචාර්ය විරන්ජිත් තම්බුගලගෙනි.
චිත්‍ර ප්‍රදර්ශනයක්
ටී. එච්. පුෂ්පකුමාර සහ සරත් ප්‍රේමසිංහ විසින් පවත්වන ලබන චිත්‍ර ප්‍රදර්ශනය ලබන 07 සහ 08 දිනවල කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 06 දා සවස 5.00 ට විවෘතවේ. චිත්‍ර ප්‍රදර්ශනය LAMENTATION ලෙස නම් කොට ඇත.
කලඑළි මංගල්‍යයක්
මොරටුව සුරංගා කලායතනයේ නර්තනාචාර්ය වරුනි මහේෂා කුරේ යටතේ නර්තනය හැදෑරූ සිසුවියන්ගේ පායින් පත් හා සිලම්බු පැලඳවීම කලඑළි මංගල්‍යය පසුගියදා මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.
මෙම කලඑළි මංගල්‍යය ඇය විසින් දෙවැනි වරට පවත්වනු ලැබූවකි.
“මනස් පුත්‍රයාගේ මාලිගය” එළි දකී
වෘත්තියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවකු වන ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබන කමල් වීරතුංගගේ නවතම ග්‍රන්ථය “මනස්” පුත්‍රයාගේ මාලිගය පසුගිය දින ජනගත කෙරිණි. මෙම ග්‍රන්ථයෙන් ලැබෙන මුළු ආදායම ශ්‍රී ලංකාවේ නැඟී ගෙන එන දක්ෂ යොවුන් නිර්මාණකරුවකුට හෝ නිර්මාණකාරිනියකට අතදීම පිණිස යෙදවීමට කතුවරයා බලාපොරොත්තුවේ. මෙය සූරිය ප්‍රකාශනයකි.
ලස්සන මුර්ගයා අනිද්දා
කිත්සිරි මෙවන් ජයසේකරගේ නවතම නාට්‍ය නිර්මාණය ස්වර මාලා පූර්ණ වේදිකාව් නාට්‍යය ලස්සන මුර්ගයා මෙම ඉරු දින ( 08දා ) සවස 06.30ට මරදාන ඒල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ.