Sunday, May 11, 2025
Home » ඔලිම්පික් ශූරියට පෙම්වතා ගිනි තබයි

ඔලිම්පික් ශූරියට පෙම්වතා ගිනි තබයි

by chanaka
September 6, 2024 2:56 pm 0 comment

උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ක්‍රීඩිකාවක් වන රෙබේකා චෙප්ටෙගෙයි (Rebecca Cheptegei) මිය ගිය බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඇයගේ හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් දමා ඇයට ගිනි තැබීමෙන් පසුවය.

කෙන්යානු සහ උගන්ඩා මාධ්‍ය වාර්තා කළේ පසුගිය ඉරිදා කෙන්යාවේදී එල්ල වූ ප්‍රහාරයෙන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ 33 හැවිරිදි රෙබේකා ගේ සිරුරට 75% කට වඩා පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි.

ඇගේ දියණියන් දෙදෙනා සමඟ පල්ලියේ සිට නිවසට පැමිණීමේ දී මෙම සිද්ධිය සිදුව තිබේ.

ප්‍රාදේශීය පරිපාලකයෙකු විසින් ගොනු කරන ලද වාර්තාවකින් ක්‍රීඩිකාව සහ ඇගේ හිටපු සහකරු ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් දබර කර ගෙන ඇති බවට චෝදනා කර ඇත. පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

උගන්ඩාව තුළ ක්‍රීඩිකාවන්ට මෙවැනි අසාධාරණකම් සිදුවන අතර 2021 ඔක්තෝම්බර් මාසයේ සිට රට තුළ මියගිය තුන්වන ක්‍රීඩිකාව බව සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT