Home » කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෆාතිමාගේ ‘කැපචීනෝ පෙම්වතිය’ කෘතිය 12දා එළිදකී

කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ෆාතිමාගේ ‘කැපචීනෝ පෙම්වතිය’ කෘතිය 12දා එළිදකී

by mahesh
September 6, 2024 1:00 am 0 comment

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය නිර්මාණ සංග්‍රහය වන Òකැපචීනෝ පෙම්වතියÓ ග්‍රන්ථය මේ මස 12දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී එළිදැක්වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයේදී ආචාර්ය ප්‍රසන්න රණබාහු, අනෝමා රාජකරුණා හා දිලීප අබේසේකර මහත්වරු දෙසුම් පවත්වති.

නදී සෙනෙවිරත්න ගායනයෙන් ද උමා අසෙනි හා හිරුෂාන් හෙට්ටිආරච්චි සම්ප්‍රවේශනයෙන් ද දායක වෙති. ෆාතිමා ශානාස් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ කාර්යයෙහිද, සිනමා අධ්‍යයනයෙහිද නියුක්ත සිනමාවේදිනියකි. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද කෙටි චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT