Home » මැතිවරණ කොමිසම රැස්වෙයි
රිමාන්ඩ් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය:

මැතිවරණ කොමිසම රැස්වෙයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසම ඊයේ (5) රැස්විය.

සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව එලෙස රැස් වූ අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ඇතුළු නිලධාරීන්, මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

එහිදී රැඳවූවන්ගේ ඡන්ද අයිතිය ලබා දීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරුණු අතර මෙවර සිදු කළ නොහැකි වුවද එළැඹෙන මැතිවරණයේදී එය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT