Home » ගුවනින් පැමිණි මිල කළ නොහැකි වාලම්පුරිය සමග සැකකරුවෙක් කොටුවෙයි

ගුවනින් පැමිණි මිල කළ නොහැකි වාලම්පුරිය සමග සැකකරුවෙක් කොටුවෙයි

by yasara
September 6, 2024 1:21 pm 0 comment

මිල කළ නොහැකි වාලම්පුරියක් රැගෙන චෙන්නායී සිට  යාපනය දක්වා පැමිණි ගුවන් මගියෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ  (05) අත් අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් එම ගුවන් මගියා කිළිනොච්චියේ භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.

ඔහු එම වාලම්පුරියද රැගෙන සවස් කාලයේ චෙන්නායී සිට පැමිණි ගුවන් යානයකින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ ඉන් පිටව යාමට පෙර රේගු නිලධාරීන් කළ පරීක්ෂා කිරීමේදී එම වාලම්පුරිය හමු වී තිබේ.

සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT