Sunday, May 11, 2025
Home » මිතුරන් සමඟ ගිං ගඟේ දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ

මිතුරන් සමඟ ගිං ගඟේ දිය නෑමට ගිය ජනිඳුට වුණු දේ

by yasara
September 6, 2024 2:00 pm 0 comment

නෙළුව පොලිස් වසමේ හප්පිටිය ,ඇහැලපිටිය ප්‍රදේශයේදී ගිං ගඟේ දිය නාමින් සිටි මිතුරන් පිරිසකගෙන්  එක් අයෙක්  දියේ ගිලී මියගොස් ඇතැයි නෙළුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නෙළුව ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් ඉදිරි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බව කියන නෙළුවේ පදිංචි  සුරේන්ද්‍ර ආරච්චිගේ ජනිඳු  පබසර  නැමති 19 හැවිරිදි සිසුවෙකි.

ඊයේ( 5) සවස  තවත් මිතුරන් තිදෙනෙකු  සමග ගිං ගඟේ   දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව සිටි ඔහුගේ මළ සිරුර  නාවික හමුදා පිහිනුම්කරුවන් ඇතුළු සහන කන්ඩායම් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අද (6) දහවල්  ගඟේ තිබී සොයා ගෙන ඇත.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස්  ඇතැයිද පොලීසිය පැවසීය.

නෙළුව පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමීර එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීහු  මේ සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT