අතීතයේ සිට මානව දයාවෙන් පිරුණු චරිතයක් ගැමියාට උරුමවී තිබුණි. පරිත්‍යාගය එයින් ප්‍රධාන තැනක් ගනී. මෙවැනි පවුලක 1922 වසරේ උපත ලැබූ පහුරේ ගෙදර මුතුබංඩාට සොයුරු සොයුරියන් අට දෙනෙකි. මහලකොටුව මොහුගේ උපන්ගම විය. මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසල වන මහලකොටුව රජයේ විදුහලෙනි. පාසල් අධ්‍යාපනය නිමා කළ මුතුබංඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආසාවකින් පසු විය. අනතුරුව මොහු උපන්ගමේ පොඩි කඩයක් ආරම්භ කළේය. පසුව මේ පවුල ලග්ගල, පල්ලේගම ප්‍රදේශයේ පදිංචියට ගියේය. එහිදී ද මොහු සිය ව්‍යාපාරික කටයුතු සිදු කළේය. මේ ප්‍රදේශයේද වෙළෙඳසලක් ආරම්භ කළ හෙතෙම අසල්වාසීන් අතර ජනප්‍රිය වුයේ ත්‍යාගශීලිභාවය නිසාය. මේ වෙළෙඳාම් කටයුතුවලට බාහිරව මොහු කොන්ත්‍රාත් වැඩ ද කරන්න විය. මේ කාලයේ පළාත් පාලන ආයතන යටතේ විවිධ සුළු කොන්ත්‍රාත් ගැනීමට මොහුට හැකි විය.
මෙයින් ද සෑහීමකට පත්නොවු මුතුබංඩා මහතා මහාමාර්ග මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ද කොන්ත්‍රාත් වැඩ කිරීම ආරම්භ කළේය. මේ යටතේ ඔහුගේ ගම් ප්‍රදේශයේ මාර්ග මෙන්ම සුළු වාරිමාර්ග ඉදි කිරීම ද මොහු අතින් සිදු විය. මේ කාලයේ ලග්ගල ග්‍රාමීය ප්‍රදේශයේ බහුලව පැවතියේ අඩිපාරවල් මෙන්ම කරත්ත පාරවල්ය. මොහු මේ මාර්ග සියල්ල සංරක්ෂණය කර ජනතාවගේ ප්‍රවාහන කටයුතු ද තරමක් දුරට වැඩිදියුණු කළේය. මේ කාලයේදී මහලකොටුව ප්‍රදේශයේම තරුණියක් වූ දම්මින්නේතොට ගෙදර රංමැණිකේ සමඟ මොහු විවාහ විය. මේ විවාහයෙන් මොහු දරුවන් පස්දෙනකුගේ පියකු විය.
පසුකාලයේ ඔහුගේ පුත්‍රයකු වු පහුරේ ගෙදර අමරකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද තේරීපත් විය. එම කාලයේදී මොහු ද ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කළේය. නිරන්තරයෙන් පොදු ජනතාව සමඟ දිවි ගෙවු මේ පිය පුතු දෙදෙනා ජනතාව කෙරෙහි දැක්වුයේ දැඩි ඇල්මකි. එහි ප්‍රතිඵලය වුයේ මේ නිවෙසේ දවසේ පැය විසි හතර පුරාම අවම වශයෙන් විවිධ පුද්ගලයන් විස්සක් තිහක් පමණ හෝ නතරවී සිටීමයි. මොවුන් සියලු දෙනාටම නොඅඩුව සත්කාර සම්මානද මෙහිදී හිමි විය.මොවුන්ගේ මේ පරිත්‍යාගශීලි භාවය නිසාම වෙස්සන්තර යන නම ද මුතුබංඩා මහතාට පටබැඳුණි. එපමණක් නොව මේ ප්‍රදේශයේ රාජකාරි කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා පැමිණෙන නිලධාරීන්ට දින ගණන් මේ නිවෙසෙහි රැඳී සිටීමට පහසුකම් ද සැලසුණි.
මේ අතරවාරයේ වස්ගමුව සහ පල්ලේගම සිට මහියංගනය දක්වා මාර්ග ඉදිකිරීමට ද මුතුබංඩා මහතා කැප විය. ඉතා දුෂ්කර මාර්ගයක් වූ එළුවාකන්ද මාර්ගය ද මෙතුමා විසින් ඉදිකරන ලදි. මේ සමඟම වාගේ දේශපාලන කටයුතු කෙරෙහි නැඹුරු වු හෙතෙම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙ කු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1965 පැවති මහ මැතිවරණයේදී ලග්ගල මැතිවරණ කොට්ඨාසය සඳහා මොහු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟවුයෙන් එම මැතිවරණයේදී ලග්ගල ආසනයේ අපේක්ෂකත්වය හිමි විය.
මේ මැතිවරණයේදී එවකට ලග්ගල මන්ත්‍රීවරයාව සිටි කේ. එම්. කේ. බංඩා මහතා පරාජය කරමින් මුතුබංඩා මහතා ජය ගත්තේය. මොවුන් දෙදෙනාම ඉතා කිට්ටු ඥාතීහු ද වූහ. අනතුරුව ප්‍රදේශයේ සංවර්ධනයට සම්පුර්ණයෙන් අවධානය යොමු කළ මොහු වස්ගමුව දක්වා මාර්ගය ඉදිකර මිනිපේ තුන් වන අදියර වූ විල්ගමුව – මිනිපේ ඇළ සංවර්ධනය කළේය. නෙළුවාකන්ද – මිනිපේ ඇළ මාර්ගය සෑදීම ද මෙතුමාගේ දෑතින් සිදුවිය. මුතුබංඩා මන්ත්‍රීවරයා වසර පහක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් කිසි දිනෙක වැටුපක් හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා නොගත්තේය. එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ යාන වාහන රැගෙන පාර්ලිමේන්තුවට නොගියේය. මොහු සිය ගමන වෙනුවෙන් යොදා ගත්තේ දුම්රිය හෝ පොදු බස් සේවයයි. මොහුගේ ජීවිතයේ අවංකත්වය මෙන්ම සරලකම ද මේ ක්‍රියාවලින් පිළිඹිබුවේ.
එකල හදිසි රෝගී අවස්ථාවකදී රෝගියා රෝහලක් වෙත රැගෙන ගියේ පුටුවක හිඳුවා කර තබාගෙනයි. දිනක් මොහු ගමනක් යන අතරමඟ රෝගියකු රෝහලට ගෙනයෑමට නොහැකිව ඔහුගේ නෑ හිතවතුන් මහත් අකරතැබ්බයකට ලක්ව සිටිනු දුටුවේය. මේ මොහොතේ එම ස්ථානයට පැමිණි මේ මන්ත්‍රීවරයා රැස්ව සිටි පිරිසේ ද සහායෙන් රෝහලට ගෙන යෑමට රෝගියා පාරට ගෙන ගියේ මොහුගේ කරේ තබාගෙනය.
ප්‍රදේශයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග සහ පොදු මාර්ග ඉදිකර ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීමට මෙතුමා මහත් වෙහෙසක් දැරීය. මැණික් ගැරීමේ ව්‍යාපාරයේ ද මෙතුමා නිරත විය. නමුත් ලග්ගල මන්ත්‍රීවරයා වීමෙන් පසු එම කර්මාන්තයට තරමක බාධා ඇති වුයේ නොසිතූ ලෙසයි.
කෙසේ වුවත් තමන්ට මුහුණපෑමට සිදු වන සෑම අභියෝගයකටම මුහුණ දෙමින් ඉදිරියට යෑමේ ශක්තිය මොහුට උපතින්ම පිහිටා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලග්ගල මැතිවරණ කොට්ඨාසය ඒ කාලයේ විශාල සංවර්ධනයක් අත්කර ගන්නා ලදි. මෙසේ සියසේවා කටයුතු නිමා කරමින් සිටියදී 1969දී හදිසියේ ඇති වු රෝගාබාධයකින් මොහු අභාවප්‍රාප්ත විය.
(මේ ලිපිය සැකසීම වෙනුවෙන් තොරතුරු ලබා ගැනීමට විශ්‍රාමික ගුරුවරයකු වු රිචඩ් කිංස්ලි ද සිල්වා මහතාගේ සහාය හිමි විය.)
ඒ.ඒ.එල්. ඩයස්