“ජනාධිපතිවරණයට තව තියෙන්නේ පැය 400 ක් විතරයි. අපි හැම දෙනාම පක්ෂ පාට අමතක කරලා මේ කෙටි කාලය තුළ ගෙයින්ගෙට යනවා පමණක් නොවෙයි හදවතින් හදවතට කතාකර මේ සියලු දෙනාගේම ඡන්දය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබාදී ඔහුගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමට ඒකරාශි වන ලෙස ඉල්ලා සිටිනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පසුගිය දා ( 04) දෙහිවල – ගල්කිස්ස
හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ නිවෙසේ සංවිධානය කළ ජනහමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එජාප නියෝජ්‍ය නායකවරයා.
“මේ මැතිවරණය ඇත්ත හා බොරුව අතර පවතින සටනක් බවට පත්වී තිබෙනවා. මීට මාස 26ට පෙර මේ රටේ තිබුණු තත්ත්වය ඉතාමත් අමිහිරියි. ඒ අවස්ථාවේ අභියෝගය හමුවේ බොහෝ අය පලා යනවිට මේ රට භාරගත් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අන්න ඒ නිසා තමයි මේ ගමන ඉදිරියට යන්න ඕන. අද ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39ක් තරග කළාට එයින් 37 දෙනෙක් කිසිදු ප්‍රයෝගික දැනුමක්, පළපුරුද්දක් නොමැතිව එල් බෝඩ් ගහගෙනයි යන්නේ. අපි නිදහස ලබා අවුරුදු 76ක් ගතවුවත් තාමත් පූර්ණ වශයෙන් ආර්ථිකය නිදහස් නෑ. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අද නොයෙක් කයිවාරු ගහනවා. එක්කෙනෙක් සීමාවක් නැතුව වියදම් වැඩිකරන්න යනවා. තව කෙනෙක් බදු කපාහැර ආදායම අඩුකරන්න හදනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තම පළපුරුද්දෙන් හරිදේ කරලා රට හරිමගට ගන්නව කියලයි. ඒ නිසා තමයි මං හිතන විදියට අද සියලුම පක්‍ෂ රනිල් වික්‍රමසිංහ වටා එකතුවෙලා කටයුතු කරන්නේ. අපි මේ යන ගමන හරි. රටේ ප්‍රශ්නවලට හරියට පිළිතුරු දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහයි.
අනෙක් අය අරව දෙනවා මේවා දෙනවා කීවත් ඒවා උපයන මාර්ග කියන්නේ නැහැ. ඒ නිසා මේ සියලුදෙනා ලබන 21 වැනි දින චන්ද පොළට ගිහින් ගෑස් සිලින්ඩරය ඉදිරියේ තම මනාපය සලකුණු කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”