Saturday, May 10, 2025
Home » ගල් කොරියේදී ගලක් වැදී අයෙක් මරුට

ගල් කොරියේදී ගලක් වැදී අයෙක් මරුට

by mahesh
September 6, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ කොට්ටාව ප්‍රදීප් කුමාර

ගල්කොරියක සේවකයන් දෙදෙනකු මතට පෙරළී ආ ගලක් වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් අනෙක් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාදුක්ක, බටවල, වල්පිට පදිංචිව සිටි කේ.ජේ.එම්. පද්මසිරි වසන්ත නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලද අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටි හෝමාගම මූලික රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.

මෙම ගල්කොරියේ වැඩ කටයුතු දින කිහිපයක් නවතා තිබී ඇති අතර සේවකයන් දෙදෙනා සමඟ කළමනාකරු පැමිණ ගල් කැඩීමට යොදා ගන්නා කම්පේෂර් යන්ත්‍ර පණ ගන්නා නැවත පරික්ෂා කිරීමේදී ගල්කොරියේ ඉහළ සිට පස් සමඟ රූරා වැටුණු විශාල ගලක කොටසක් මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකම වැදී ඇති අතර අනෙක් පුද්ගලයාගේ පාදවලට වැදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT