පාදුක්ක සතිපොළ භූමියේ ඇති, ඉතාමත් අපිරිසිදු තත්ත්වයේ දුගඳ හමමින් පවතින මත්ස්‍ය අලෙවි කුටිය, මිහිමත අපායක් බව ජනතාව පවසති.
මෙම අලෙවි කුටියේ මාළු අලෙවි කිරීම සඳහා ටයිල් ඇතුරූ තට්ටු දෙකක් ඇති අතර, ඉන් එක් තට්ටුවක් පරෙවියන් සහ කපුටන් ලැගීම නිසා ඉතාමත් අපිරිසිදු තත්ත්වයට පත්ව ඇත.
මෙම තට්ටු දෙකට මැදිව ජල කරාම සවිකර ඇති කණු පහක් ඇති අතර, ඉන් පිටවන ජලය ගලා යෑම සඳහා කවුළු දහයක් ඉදිකර ඇත.
මෙම කවුළුවලින් කීපයක මත්ස්‍ය අපද්‍රව්‍ය ඇතුළත් ජලයද, පොලිතින් සහ ප්ලාස්ටික් කැබලිද සිරවීම නිසා ජලය බැස යාමක් සිදු නොවේ.
එම නිසා එම කවුළුවල අප ජලය පිරී දුගඳ හමමින් පැවතියත්, එම ස්ථානය පිරිසිදුව තබා ගැනීමට එම වෙෙළඳ ප්‍රජාවගේ අවධානය යොවුනොවීමත්, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම ස්ථාන කෙරෙහි සොයා බැලීමට කිසිදු වගකිවයුතු අංශයක අවධානය යොමුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව ජනතාව පවසති.
මෙම ස්ථානයේ සතියේ අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවල මාළු අලෙවි කිරීමද සිදු කරන අතර, එම ස්ථානයට පැමිණෙන ජනතාවගේත්, පරිසරයේත්, ආරක්ෂාව සඳහා, මෙලෙස ඉතාමත් අපිරිසිදු තත්ත්වයේ පවතින මෙම මත්ස්‍ය අලෙවි කුටිය කෙරෙහි වගකිවයුතු අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනතාව පවසති.