මෙරට තේ සංස්කෘතියට වඩාත් ඉහළ ගුණාත්මකභාවය එකතු කරන Sunshine Tea Private Limited තේ වෙන්දේසියේ ලබගන්නා ඉහළ තත්ත්වයේ තේ තවදුරටත් පිරිසිදු කර පාරිභෝගික අවශ්‍යතාවයට අනුව කහට රස සහ කහට වර්ණය පාරිභෝගිකයාගේ කැමැත්තට අනුව විවිධ මට්ටමින් ලැබෙන ආකාරයෙන් තේ මිශ්‍ර කිරීම මෙම කර්මාන්තශාලාවේ ඇති විශේෂත්වයයි.
රටවල් 40කට වැඩි සංඛ්‍යාවක මහා පරිමාණයෙන් තේ අපනයනයේ යෙදෙන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී යටතේ ඇති සන්ෂයින් තේ පුද්ගලික සමාගම, පසුගිය දිනෙක කැලණියේ පිහිටි සිය කර්මාන්ත ශාලාවේ කටයුතු දැක බලා ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දුන්නේය. ඒ අනුව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ව්‍යාපාර මාධ්‍යවේදීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
ශ්‍රී ලංකාවේ වැවෙන තේ වර්ග 200කට වැඩි සංඛ්‍යාවක රසය දේශීය සහ විදේශ වෙළෙඳපොළට බෙදාහරින Sunshine Tea Private Limited තමන්ගේ නමින් පමණක් නොව විවිධ වෙළෙඳ නාම සහ සන්නාම යටතේ ලේබල් කර අලෙවි කළ හැකි පරිදි සකස් කළ තේ නිෂ්පාදන සපයයි. එහි තේ සැකසුම් ධාරිතාව වාර්ෂිකව තේ කිලෝ මිලියන 11කට අධිකය.
1987 වසරේදී SKS Exports ලෙස ආරම්භ කර පසුව 2007 වසරේදී Sunshine Tea (PVT) Ltd. ලෙස නම වෙනස් කරමින් මෙහෙයුම් පවත්වා ගෙන යන අතර, 300 කට අධික පිරිසකට රැකියා උත්පාදනය කර තිබේ.
ශ්‍රී ලාංකීය තේ රස එක්තැන් වූ Zesta, වටවල, Gordon Frazer, Avan Tea, Teazup යන සියලු සන්නාම නිෂ්පාදන පරාසය එළි දැක්වෙන්නේ, සන්ෂයින් වටා සිය ජීවන වෘත්තීය උදා කර ගත් අපේම මිනිසුන්ගේ දෑතින් වීම විශේෂත්වයකි.