සිනමන් හෝටල් සහ රෙසෝට් ආයතනය, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy-SHMA) හා එක්ව පසුගියදා සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනය ආරම්භ කළේය. මෙම නව ආයතනය මගින් පිරිනමන Ecole hôtelière de Lausanne (EHL) වෘත්තීය ඩිප්ලෝමාව තුළින් ගෝලීය මට්ටමේ ස්විස් සංචාරක සේවා අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අවකාශ උදාවේ.
වසර ගණනාවක් මුළුල්ලේ ලොව හොඳම සංචාරක සේවා කළමනාකරණ සරසවිය ලෙස සම්භාවනාවට පත් EHL විශ්ව විද්‍යාලය පිරිනමන මෙම උසස් තත්ත්වයේ වෘත්තීය පාඨමාලා සුදුසුකම් ලබාගැනීමට සිනමන් හොස්පිටැලිටි ඇකඩමි සමඟ එක්වන සිසුන්ට හැකිවේ. ස්විස් කුසලතා ක්‍රියාරාමුවට අනුව නිර්මාණය කර ඇති EHL විෂය මාලාව, ප්‍රායෝගික කුසලතා සහ සංචාරක කර්මාන්තය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති උසස් මට්ටමේ වෘත්තීකයින් බිහිකිරීමට සමත් ය.
මාස 18ක පූර්ණ වෘත්තීය ඩිප්ලෝමාවක් සහ වසරක වෘත්තීය පුහුණු කාලසීමාවක්
ඇතුළත් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කාලය වසර දෙකහමාරකි. මෙම පාඨමාලාවට සංචාරක සේවා කර්මාන්තයේ ප්‍රායෝගික අත්දැකීම්, කළමනාකරණ විධික්‍රම සහ අධ්‍යාපනික මූලිකාංග ඇතුළත් අතර, සූපවේදී, ආහාරපාන සේවා සහ හෝටල් මෙහෙයුම් යන විශේෂවේදී ධාරා තුනකින් සමන්විත ය. එහි ආධුනිකත්ව පුහුණු ආකෘතියට දෙදින න්‍යායික සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සහ සිනමන් හෝටල් ජාලයට අයත් හෝටලයක සිව් දින ප්‍රායෝගික පුහුණුවක් ඇතුළත් ය.
බවර් සමාගමේ අනුබද්ධිත ආයතනයක්වන ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය සහ සිනමන් හෝටල් සහ රෙසෝට් සමාගම අතර මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම නිවැරදිය. ″සිනමන් හෝටල් සහ රෙසෝට් සමඟ එක්ව EHL සරසවිය මගින් පිරිනමන වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්. ඒ හරහා සංචාරක සේවා කර්මාන්තයට උසස් හැකියාවන්ගෙන් යුතු වෘත්තීකයින් බිහිකිරීමට හැකිවන අතර, එය ශ්‍රී ලංකාවේ සංචාරක සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල මඟසලකුණක් ලෙස හැඳින්විය හැකියි″, යනුවෙන් නව සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.