ඔහු මේ බව කියා සිටියේ පසුගිය සතියේ ගාල්ල රැඩිසන් බ්ලූ රිසෝට් හි පැවති සම්මන්ත්‍රණයකදීය.කර්මානතය මුහුණදෙන ගැටලු පිළිබඳව සලකන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතැම් විට සමාන බවක් දක්නට ලැබෙන බවත් ඉන්දියාව සිය බීජ අංශය නොසලකා හැර ඇති බවත්, ඩොලර් බිලියන ගණනක් උපයන පාම් ඔයිල් ආනයනයෙන් 60%ක් පමණ බීජ ආනයනයට වැයවන බවත් ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල් මත විශ්වාසය තබා කටයුතු කිරීම කනගාටුවට හේතුවක් බවත් පැවසීය.
“ඉන්දුනීසියාව සහ මැලේසියාව පාම් ඔයිල් අපනයනය නතර කිරීමට තීරණය කළහොත් ඉන්දියාවේ මිල ගණන් අහස උසට නැඟෙනු ඇත. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි තෙල් අවශ්‍යතාවයෙන් 80%ක් ආනයනය කරනු ලබන අතර පාම් වගාව සඳහා වන තහනම ඉවත් කළහැකි නම් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකි බවටත් අවධාරණය කළේය. එසේම අග්‍රාමාත්‍ය මෝදිගේ අපේක්ෂාව ඉන්දියාව ප්‍රමුඛවී පාම් ඔයිල් පිළිබඳ ජාතික මෙහෙවරක් දියත් කිරීමයි. ටොන් ලක්ෂ 2 ව පැවති නිෂ්පාදන ටොන් ලක්ෂ 4ක් දක්වා වැඩි කර ටොන් මිලියන දෙකක් කරා ළඟා වීමේ ඉලක්කයක් ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය අපේක්ෂාවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුතු බවත් ඔහු අවධානය කළේය. “පසුගිය වසර දෙක තුළ මේ පිළිබඳව විද්‍යාත්මක කරුණු අනාවරණය වී තිබියදීත්, තහනම පවතී” මෙතරම් සුන්දර වතු ඇති රටක 80%ක් ආනයනය මත යැපීම විහිළුවක් ලෙස විස්තර කළ ඔහු පාම් ඔයිල් වගාව තවදුරටත් තහනම් කිරීමට හේතුවක් නොදකින බවත් පැවසීය.
ආනයන ආදේශන සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමානකම් පිළිබඳව ඔහු සාකච්ඡා කළේය. “ඉන්දියාවේ තෙල් පරිභෝජනය ටොන් මිලියන16 කි. ඉන් පාම් තෙල් 38%ක් පමණ දායක වෙයි.”
“ශ්‍රී ලංකාවේ ආනයනය කරන ලද ආහාරයට ගතහැකි තෙල් පාම්ය.”
ඉන්දියාවට පවා නොමැති පාම් වගාව සඳහා සුදුසුම දේශගුණයක් පවතින ශ්‍රී ලංකාව මෙම නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය නොකරන්නේ කුමක් නිසාදැයි ඔහු විමසීය. පාම් ඔයිල් ටොන් හයක් හතක් ලබා දෙන පාම් ඔයිල් වගාව සමඟ වෙනත් කිසිදු තෙල් ලබාගත හැකි භෝගයකට තරග කළ නොහැකි බවත්, පාම් ඔයිල් නොමැතිව රටවල් ටොන් එකකට ඩොලර් 2,000කට තෙල් මිලදී ගන්නා බවත් එය දරාගත නොහැකි බවත් අතුල් චාතුර්වේදි වැඩිදුරටත් පැවසීය.
පාම් ඔයිල් යනු ඉහළ අස්වැන්නක් ලබා දෙන එකම තෙල් වන අතර එය ආහාර නිෂ්පාදනය සඳහා සුදුසු නිෂ්පාදනයක් බවයි.
පාම් ඔයිල් ක්ෂේත්‍රයට මාධ්‍ය අනුග්‍රහය දක්වනු ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ පනවා ඇති තහනම නුදුරේදීම ඉවත් කර රට ස්වයංපෝෂිත තත්ත්වයකට ගෙන ඒමට ඉඩ සැලසෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.
APOA ලේකම් ආචාර්ය එම්. මට්වානි පැවසුවේ යුරෝපය ගෝලීය පාම් තෙල් ඉල්ලුමෙන් 10 -12% කට වඩා වැඩි නොවන අතර, ඊට ප්‍රතිවිරුද්ධව, ආසියානු වෙළඳපොළේ ගෝලීය පාම් තෙල් ඉල්ලුමෙන් 40%ක් පමණ ඇති බවයි.