Wednesday, March 26, 2025
Home » කමලා හැරිස් ජනපති වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මැකී යාවි

කමලා හැරිස් ජනපති වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මැකී යාවි

අමෙරිකාවේ යුදෙව්වන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

එළැඹෙන ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් තේරී පත්වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් තුරන් වනු ඇතැයි රෙපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී එරට සිටින යුදෙව් ජාතිකයන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වන කමලා හැරිස් ජනපතිධූරයට පත්වීමෙන් පසු ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම අත්හරින බවත්, යුදෙව්වන් ශුද්ධ භූමියෙන් පලවා හැරීමට පසුබිම සකස්වනු ඇතැයි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කමලා හැරිස් ජනාධිපතිවරණයෙන් ජයගතහොත් ඊශ්‍රායලය ලොවෙන් තුරන් වනු ඇතැයි ද, ගාසා තීරය ඇතුළු ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශවලින් ඊශ්‍රායලයට මුළුමනින්ම ඉවත්වීමට සිදුවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇති අතර, රජයේ දේපළ විනාශ කරන හමාස් සංවිධානයට එරෙහිව සටන් කරන ඊශ්‍රායල හමුදා නිලධාරීන් අත්අඩංගුවට පත්වනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT