Home » කෙන්යාවේ පාසලක නේවාසිකාගාර ගින්නෙන් සිසුන් 17ක් මරුට

කෙන්යාවේ පාසලක නේවාසිකාගාර ගින්නෙන් සිසුන් 17ක් මරුට

තවත් 14කට තුවාල

by gayan
September 7, 2024 1:00 am 0 comment

මධ්‍යම කෙන්යාවේ පාසලක නේවාසිකාගාරයේ හටගත් ගින්නකින් සිසුන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේ ගින්න හටගත් අවස්ථාවේදී නේවාසිකාගාරයේ සිසුන් 156 දෙනකු සිටි බවත්, ඔවුන් සියලුදෙනාම නින්දේ පසුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. පිලිස්සුම් තුවාල ලැබූ තවත් සිසුන් 14 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

වයස අවුරුදු 5ත්, 12ත් අතර සිසුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ නේවාසිකව සිටි සිසුන්ගෙන් ගින්නට හසුවී මියගොස් ඇත්තේ අවුරුදු 9ත්, 13ත් අතර සිසුන් පිරිසක් බව ද වාර්තා වේ. ගින්න පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT