Home » ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇප බඳී

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇප බඳී

by gayan
September 7, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ, දික්වැල්ලේ තිලකරත්න,ගාල්ල උතුර සමූහ, ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර
දකුණු පළාත් සංචාරක - එස්. දීයගහගේ, දික්වැල්ලේ තිලකරත්න, ගාල්ල උතුර සමූහ, ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර කාර්යාලයට පැමිණ ඊයේ (06) පෙරවරුවේ ඇප මුදල් තැනපත් කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන සහ හිටපු මන්ත්‍රීවරුන් සිව් දෙනකු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ මෙසේ තේරීම් භාර නිලධාරීවරයා හමුවේ ඇප තැන්පත් කළහ.

මෙම අවස්ථාවට හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහන් පී. ද සිල්වා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහත්වරු ද එක්ව සිටියහ.

ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය ඇමැති මොහාන් පී.ද සිල්වා මහතා කියා සිටියේ පොදුජන පෙරමුණේ ඉහළ ඔළුගෙඩි මාරු වුවත් පහළ බිම් මට්ටමේ ජනතාව පොදුජන පෙරමුණ සමඟ සිටින බවය.

මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන ජනතාව තවමත් සිටින බවත් පක්ෂය හැර ගිය අය වෙනුවෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු හැට නව ලක්ෂය නැතත් ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT