Saturday, May 3, 2025
Home » ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද

ජනපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද

by gayan
September 7, 2024 1:00 am 0 comment

මාර්තු 12 ව්‍යාපාරය සංවිධාන කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු වැන්න අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව අද දින මේ සංවාදයට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවිර සහ පී. අරියනෙත්‍රන් මහත්වරු සහභාගී වීමට නියමිතය.

විවාදයට අපේක්ෂකයන් 16 දෙනෙකු සහභාගිත්වය තහවරු කර ඇති අතර අද (07) පස්වරු 3 සිට 5 දක්වා සියලුම රූපවාහිනී නාලිකා සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මේ සංවාදය සජීවිව විකාශය කෙරේ.

හෙට (08) දිනයේ විජයදාස රාජපක්ෂ, නුවන් බෝපගේ, සරත් මනමේන්ද්‍ර, අනෝජ් ද සිල්වා, ප්‍රියන්ත වික්‍රමසිංහ, පානී විජේසිරිවර්ධන, මයිල්වාගනම තිලකරාජා යන අපේක්ෂකයන් සහභාගි වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානයක මහත්වරු මේ වන තුරු සහභාගිත්වය තහවුරු කර නැතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT