Saturday, May 3, 2025
Home » ආසියාවේදී පන්දු යවන්න හේරත් නවසීලන්තයට උගන්වයි

ආසියාවේදී පන්දු යවන්න හේරත් නවසීලන්තයට උගන්වයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබේ.

මේ මස අගදී ආරම්භ වන ආසියාවේ ටෙස්ට් තරග සංචාරය වෙනුවෙන් රංගන හේරත් කණ්ඩායමට එක් කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. නවසීලන්ත පිල ඉන්දියාවේ ග්‍රේටර් නොයිඩාහිදී මේ මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා ඇෆ්ගනිස්තානයට එරෙහි ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගයට එක් වෙයි.

අනතුරුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, එම තරග දෙක මේ මස 18 වැනිදා සහ 26 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනු ඇත.

නවසීලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සක්ලේන් මුෂ්ටාක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරක් භාර ගැනීමට ඉවත් වීම හේතුවෙන් හේරත් පත් කර ඇත.

එම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසන්නේ “ශ්‍රී ලංකාවට එරෙහිව අපගේ ටෙස්ට් තරග දෙක පැවැත්වෙන ගාල්ලේදී රංගන ටෙස්ට් කඩුලු 100කට වඩා දවාගෙන තිබෙනවා. එම ස්ථානය පිළිබඳ ඔහුගේ දැනුම මිල කළ නොහැකි වනු ඇත.” යන්නයි.

මේ තරගාවලි සඳහා නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර තිබේ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT