Home » ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනම් කරයි

ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනම් කරයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

ඉතාලියේ නගරයක් වන මොන්ෆල්කෝන්හි ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එහි නගරාධිපතිනිය කටයුතු කර තිබේ.

එම තහනම කඩ කරමින් ක්‍රිකට් ක්‍රීඩා කර අසුවුවහොත් යුරෝ 100 දඩයකට මුහුණ දීමට සිදු වනු ඇති අතර, එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තිස්තුන්දහසක් පමණ වේ.

නගරයේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ තහනම පැනවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් මේ නගරයට ඉතාලියේ අනන්‍ය වූ ජනවාර්ගික සංයුතියක් තිබුණත් එහි ජීවත්වන 30,000කට ආසන්න ජනගහනයෙන් තුනෙන් එකක පමණ පිරිසක් විදේශිකයෝ වෙති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් බංග්ලාදේශ මුස්ලිම්වරුන්ය.

මේ නගරය පාලනය කරන අන්ත දක්ෂිණාංශික ලීග් පක්ෂයට අයත් නගරාධිපතිනි ඇනා මරියා සිසින්ට් පවසන්නේ මේ ක්‍රීඩාවෙන් මොන්ෆල්කෝන්හි සංස්කෘතිය අනතුරේ වැටෙන බවයි. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා පන්දු භයානක විය හැකි බවත්, සිය නගරය තුළ තණතීරුවක් සෑදීමට ඉඩක් හෝ මුදල් නොමැති බවත් පවසන ඇය මොන්ෆල්කෝන් නගරයෙන් පිට වෙනත් ඕනෑම ස්ථානයකට ගොස් ක්‍රිකට් කිරීමට නිදහස ඇති බවද පවසා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT