Monday, April 28, 2025
Home » රනිල්-සජිත්-අනුර විවාදය අද රෑ 10ට

රනිල්-සජිත්-අනුර විවාදය අද රෑ 10ට

by sachintha
September 9, 2024 1:10 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කාලීන දේශපාලන සංවාදය අද (09) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ කරට කර සංවාද වැඩසටහන ඔස්සේ විකාශය කෙරේ. ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රජයේ කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් එරාන් වික්‍රමරත්න, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මහාචාර්ය අනිල් ජයන්ත, සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහත්වරු මේ සංවාදය සඳහා එක් වෙති.

රට ගොඩනඟන ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙහිදී තර්ක විතර්ක, අදහස් ඉදිරිපත් කෙරෙන අතර කරට කර සංවාදය මාධ්‍යවේදී චාමර විජයවික්‍රම විසින් මෙහෙයවනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT