Friday, May 16, 2025
Home » චීන ජනපති නෝර්වේ අගමැති හමුවෙයි

චීන ජනපති නෝර්වේ අගමැති හමුවෙයි

by chanaka
September 10, 2024 3:01 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නෝර්වේ අග්‍රාමාත්‍ය Jonas Gahr Store මහතා හමුවෙයි. එම හමුව ඊයේ (9) පස්වරුවේ බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

චීනය හා නෝර්වේ රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනගා ගෙවී ගිය වසර 70 තුළ දෙරට ජනතාව අන්‍යෝන්‍ය ගරුත්වය සහ අවබෝධයෙන් යුතුව වටිනා සබඳතා පවත්වා ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. තවදුරටත් චීන-නෝර්වේ මිත්‍රශීලි සහයෝගිතා වර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවයි. දෙරට අතර හරිත පරිසර සංරක්ෂණ, බලශක්ති පරිවර්තන, නාවික ප්‍රවාහන, කෘෂිකාර්මික හා ධීවර නිෂ්පාදන, විදුලි මෝටර් රථ ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව පුළුල් කිරීමට ද චීනය සූදානමින් සිටී. ලෝක සාමය හා ආරක්ෂාව, දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම, ජෛව විවිධත්වය සුරැකීම වැනි ගෝලීය අභියෝගවලදී චීනය හා නෝර්වේ අතර පොදු එකඟතා පවතී. සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Jonas Gahr Store මහතා එහිදී පැවසුවේ චීන ස්වාධිපත්‍යයට ගරු කරන තම රට එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව යි. අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව පොදු ජයග්‍රාහී සහ‍යෝගිතා පැවැත්වීමට ද නෝර්වේ රාජ්‍යය සූදානමින් සිටී. චීනය සමග G20 කණ්ඩායම ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණ ඔස්සේ සංවාද හා සහයෝගිතා ශක්තිමත් කරමින් චීනය හා යුරෝපය අතර සහයෝගිතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද නෝර්වේ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT