Friday, May 16, 2025
Home » ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට

ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට

by chanaka
September 10, 2024 3:06 pm 0 comment

ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.

ඇමරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ ඉකුත් 4 වැනි දා සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියෙන් සිසුන් දෙදෙනකු ඇතුළු සිවුදෙනෙක් මිය ගියහ. තවත් නව දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම වසරේ එරට පාසල් ආශ්‍රිතව මෙවැනි වෙඩිතැබීම් වාර්තා වූ 218 වැනි අවස්ථාව මෙයයි.
ගෙවුණු දශකය තුළ ඇමරිකාවේ පාසල්වල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිවලින් 51% ක් සිදු ව ඇත්තේ පන්ති පැවැත්වෙන අතරතුරදී ය. තුවක්කු ප්‍රචණ්ඩත්වය විශාල පරිමාණයෙන් රට පුරා පැතිර ගොස් ඇති බවත්, පාසල් තුළ සිදු වූ එවැනි සිදුවීම් ඉතා පිළිකුල් සහගත බවත් Washington Post පුවත්පත වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT