Home » බෑනාගේ මරු පහරින් මාමණ්ඩිය මරුට

බෑනාගේ මරු පහරින් මාමණ්ඩිය මරුට

by yasara
September 10, 2024 10:45 am 0 comment

මීගමුව, මංකුලිය ප්‍රදේශයේ ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී  පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මරණකරු තම දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් සිදු කළ තියුණු ආයුධයකින් පහරදීමකින් මෙම මරණය සිදු වී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙයි.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT