මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය (FMETU) විසින් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මග පෙන්වීම අනුව සිදු කළ පර්යේෂණ වාර්තාව අද (10) ලේක් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාට පිළිගැන්වීය.
සභාපතිතුමා වෙත මෙම වාර්තාව පිළිගැන්වීම සිදු කළේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලි මහතා විසිනි.
දිවයින පුරා ආවරණය වන පරිදි සිදු කළ මෙම ගවේෂණයේ දී ජනමාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන බුද්ධිමතුන් මෙම වැඩසටහනට දායකත්වය දක්වා තිබීම විශේෂත්වයකි.
ජාතික මාධ්‍ය සංවර්‍ධන ප්‍රතිපත්තියක් සහ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තිය අයිතිවාසිකම්, ආරක්ෂාව තහවුරු කරගැනීම අරමුණ පෙරදැරිව මාධ්‍යවේදීන් හා මාධ්‍ය කර්‍මාන්තයේ ප්‍රධානීන්, සිවිල් සමාජය සහභාගී කරගනිමින් පැවැත්වූ සංගණනයේ වාර්‍තාව මාධ්‍ය කර්‍මාන්තයක් ලෙස මුහුණ අභියෝග සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු කළයුතු ප්‍රතිසංස්කරණයන් සඳහා යෝජනා මාලාවක් ආදිය ඇතුළත් කර මෙම පර්යේෂණ වාර්තාව සකසා ඇත.
සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වාර්තාව සකස් කර තිබෙයි.