Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණයකට කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණයකට කැබිනට් අනුමැතිය

by yasara
September 10, 2024 3:40 pm 0 comment

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩ සටහන මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ණය පහසුකම ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 2 ක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023 -09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් වන විට ඇමෙරිකා ඩොලර් මිලියන 2000 ණය මුදල පළමු උප වැඩසටහන සඳහා ලබා දී ඇත.

එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12 සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතියි

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT