Home » ලාංකිකයින් 2,252ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා

ලාංකිකයින් 2,252ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා

by chanaka
September 10, 2024 3:49 pm 0 comment

ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවේ.

මේ අතර, සැප්තැම්බර් මස 12 වන දින හා 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත තරුණයින් 69 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ(09) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 5ක කාලයක් එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවේ. ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණි. එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබයි. රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු පුද්ගලයෙකුට අවසර ලබාදී නැත.

එබැවින් ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT