Sunday, May 11, 2025
Home » අනුර කුමාර හදපු වැව් හොයන්න කමිටුවක්

අනුර කුමාර හදපු වැව් හොයන්න කමිටුවක්

by chanaka
September 10, 2024 3:54 pm 0 comment

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එදා කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී සෑදුවේ යැයි කියන වැව්10,000 පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීමට සිදු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

එදා ඔහු කෘෂීකර්ම ඇමැති කාලයේ සැදුවේ යැයි කියන වැව් 10,000න් අවම වශයෙව් 10කගේ නම් හා තොරතුරු තමන්ට ලබාදෙන ලෙස නිළධාරින්ට දැනුම් දුන්නද මේ වන විටත් ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීඹට තම අමාත්‍යාංශ  නිළධාරින් අපොහොසත් වී ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

අද(10) කෘෂීකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළ අතර ඒහිදී ඔහු පෙන්වා දුන්‌ේන වැව් 10,000ක කටයුතු කළ බවට ලිපිගොනු කිසිවක් තම අමාත්‍යාංශය තුළ නොමැති බවයි.
‘චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධීපතිනිය වශයෙන් කටයුතු කළ කාලයේ අනුර කුමාර දිසානායක කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි හා පශුසම්පත් සංවර්ධන ඇමැති. මම ඒ් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළා. මට මතකයි වැව් 10,000 ක් හදනවා යැයි කියා ව්‍යාපෘතියක් පටන් අරගෙන ඒහි හමිබන්තොට දිස්ත්‍රික්කයේ පොළොම්මාැරුව වැව හදන්න අතිවිශාල උත්සවයක් ප ැවැත්වුවා. මටත් ඒ් උත්සවයට ආරාධනා ලැබිලා මමත් ගියා . කිලෝමීටර දෙකක් විතර දුරට කොඩි හිටවලා තිබුණා.ටිකිරි මැණිකෙලා ඇඹුල ගෙනාවා, ගොවිරාළලා ගොඩට ඇවිල්ලත් හිටියා..පොලොම්මාරුව වැවේ පස් පිඩලි දෙකතුනකුත් කැපුවා. නමුත් හදපු වැවක් නෑ. ඒ සල්ලි ගියේ කොහාටද කියළා අපි දන්නෙත් නෑ.

අන්තිමේදී මම 2018 වසරේදී කෘෂීකර්ම ඇමැති ලෙස පත්වෙලා ඇවිත් තමයි පොළොම්මාැරුව වැව හදල‌ෙ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රයෝජනයට ලබා දුන්නේ.

අනුර කුමාර දිසානායකලා ඒදා හැදුවා කියන මේ වැවි 10,000 ගැන මම නිළධාරින්ට කිව්වා අවම වශයෙන් වැව් 10 කගේවත් නම් සොයලා දෙන්න කියලා. තොරතුරු සඳහන් ෆයිල් සොයලා මාවෙත ගේන්න කියලා. මේ වන තෙක් ඒක ෆයිල් ඒකක්වත් සොයා ගන්න ඒ අයට බැරිවෙලා තියෙනවා. මේ සඳහා වැය වූ යේ මහජන මුදල් .ඒ නිසා මේ ගැන සොයා බැලිය යුතුයි. ඒ නිසා මට මේ ගැන සොයන්න කමිටුවක් පත් කරන්න සිදු වී තිබෙනවා .’යැයිද අදරවීර මහතා කියයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT