Sunday, May 11, 2025
Home » “එක ගමක්-පින් බිමක්” සියක් නමක් පිණ්ඩපාත චාරිකාවක

“එක ගමක්-පින් බිමක්” සියක් නමක් පිණ්ඩපාත චාරිකාවක

by sachintha
September 10, 2024 3:22 am 0 comment

අතීතයේ සිය දහස් ගණනක් මහ රහතන් වහන්සේ වැඩ සිට පිණ්ඩපාත චාරිකාවේ වැඩිය වස්සාන කාලය සිහිපත් කරමින් “එක ගමක් – පිං බිමක්” සංකල්පය යටතේ සියක් නමක් උදෙසා දානය පිරිනැමීමේ පින්කමක් ඉකුත් 07 වැනිදා බෝමිරිය ධර්මසිරි සුබසාධන අන්‍යෝන්‍යාධාර සමිතිය විසින් සංවිධාන කර තිබුණි. බෝමිරිය සිරි ගුණසේකරාරාමය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි මෙම පින්කම මඟින් බෝමිරිය දහම් පාසල් මාවතේ සෑම නිවසකින්ම එක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ දානය පිළිගැන්වීමට කටයුතු සංවිධාන කර තිබුණි.

පිණ්ඩපාත චාරිකාවක් ලෙස සංවිධාන කරන ලද මෙම වැඩසටහන මඟින් කුඩා දරුවන් සඳහා පැරණි වත්පිළිවෙත් හඳුන්වා දීමේ අවස්ථාව ද ලැබිණි.

කඩුවෙල සමූහ – සමන්ති මීරියගල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT