Home » සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

by chanaka
September 10, 2024 11:49 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය දායකත්වය ලබාදීමට නියමිතය.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස් විය.

අනතුරුව පැවැති ඉන්දීය තරගාවලියට සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියට වැඩ බලන පුහුණුකරු ලෙසයි සනත් ජයසූරිය පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ඒ අතර කාලයේදී නව පුහුණුකරුවකු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ද ඔවුන් සඳහන් කළහ.

කෙසේ වෙතත් සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට සමත් වීමත් විශේෂත්වයකි.

ඉන් අනතුරුව එළැඹී එංගලන්ත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස පරාජයට පත් වූවත්, අවසන් තරගය කඩුලු 08කින් ජයගැනීමට සමත් විය.

එය එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ලැබූ ටෙස්ට් ජයග්‍රහණයයි.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙවන තරගය එම ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 26වැනිදා ආරම්භ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT