Home » විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම රජයට රු. කෝටියක වාසියක්

විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම රජයට රු. කෝටියක වාසියක්

by chanaka
September 11, 2024 4:12 pm 0 comment

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් හෙතෙම පැවසී ය. ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

‘ඉන්ෆොමැටික් තාක්ෂණික ආයතනය (Informatics Institute of Technology)’ අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිත ව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා ඇත.

මෙහි දී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT