Saturday, May 10, 2025
Home » රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

රටක් සවිබලගැන්වීම සඳහා වන වැදගත් ම අඩිතාලම අධ්‍යාපනයයි – චීන ජනපති

by chanaka
September 11, 2024 4:02 pm 0 comment

අධ්‍යාපනයෙන් රට සවිබලගැන්වීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. චීනයේ 40 වැනි ජාතික ගුරු දිනය නිමිති කරගනිමින් පැවති ජාතික අධ්‍යාපන සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.එය ඊයේ (10) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

අධ්‍යාපනය රටක් සවිබලගැන්වීම හා ජාතික පුනරුදය සඳහා වන වැදගත් අඩිතාලමකි. වසර 2035 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ප්‍රබල රටක් බවට පත් වීම චීනයේ ඉලක්කයයි. එම ඉලක්කය සාක්ෂාත් කිරීම අභියෝගයක් වුව ද , චීන කොමියුනිස්ට් පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, විද්‍යාව හා තාක්ෂණයෙන් රට පුනර්ජීවනය කිරීමේ උපායමාර්ගය සහ අධ්‍යාපන නවීකරණය වේගවත් කිරීම මගින් එම ඉලක්කය සපුරාගත හැකි බවට චීන ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

ගුරුවරුන්ගේ වෘත්තීය හැකියා සංවර්ධනය ශක්තිමත් කරමින් විශිෂ්ට සිසු පරපුරක් බිහිකිරීම මෙන්ම විදේශ රටවල් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT