Home » ජාත්‍යන්තර සහායෙන් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට අනුමැතිය

ජාත්‍යන්තර සහායෙන් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට අනුමැතිය

by sachintha
September 11, 2024 12:48 am 0 comment

ජාත්‍යන්තර සහාය ඇති නව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

2023-09-25 වැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ශ්‍රී ලංකාව BRICS සංවිධානයට ප්‍රවේශ වීමට අදාළ කරුණු විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-01-24 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදි.

ඒ අනුව පත් කරන ලද නිලධාරි කමිටුව මඟින් ශ්‍රී ලංකාව BRICS සංවිධානයට මෙන්ම ඒ යටතේ ස්ථාපිත කිරීමට නියමිත නව සංවර්ධන බැංකුවට ප්‍රවේශ වීමේ වාසි සහ අවාසි පරීක්ෂා කර කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා සහභාගි වූ සියලු පාර්ශ්වයන් විසින් BRICS සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව, අදාළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් ශ්‍රී ලංකාව BRICS සංවිධානයේ සහ ඒ යටතේ පිහිටුවීමට නියමිත නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT