Home » සජිත්ගේ නුවර රැලියේ රතිඤ්ඤා පත්තු කළ දෙදෙනෙක් රිමාන්ඩ්

සජිත්ගේ නුවර රැලියේ රතිඤ්ඤා පත්තු කළ දෙදෙනෙක් රිමාන්ඩ්

by sachintha
September 11, 2024 12:51 am 0 comment

සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පිණිස පෙරේදා (09) මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවැති ජන රැලිය අතරතුර රතිඤ්ඤා පත්තු කිරීමෙන් පොලිස් නිලධාරීන් 06 දෙනකු ඇතුළු පුද්ගලයන් 09 දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය නොසැලකිලිමත් ලෙස රතිඤ්ඤා පුපුරවා හැර තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (10) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම වෙළෙඳපොළ භූමියට යාබදව ඇති කුරුලු උයනේ මෙම රතිඤ්ඤා පත්තු කර ඇත. මුලින් දැල්වූ රතිඤ්ඤා වැලක ගිනි පුපුරු පසුව පත්තු කිරීමට නියමිතව තිබූ රතිඤ්ඤා තොගයක් මතට වැටීමෙන් පසු ඒවා පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් සහ සිද්ධිය සියැසින් දුටු සිවිල් වැසියකුගේ සාක්කි මත අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දෙදෙනා පොල්ගොල්ල සහ අම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා ඊයේ (10) මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් හිස් වැසුම් 06ක් සහ පුපුරා නොගියා රතිඤ්ඤා කරල් 130ක් සමඟ තුන් හුලස් රතිඤ්ඤා 05ක් පොලිසිය භාරයට ගෙන ඇත.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT