Home » වාහන දඩ එකතු කිරීම රියැදුරු ලකුණු ක්‍රමය ඩිජිටල්කරණයට

වාහන දඩ එකතු කිරීම රියැදුරු ලකුණු ක්‍රමය ඩිජිටල්කරණයට

by sachintha
September 11, 2024 12:52 am 0 comment

 

රථ වාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියැදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රථ වාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියැදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවකු තෝරා ගැනීමට ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත.

ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඇමැති මණ්ඩලය මඟින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්‍රදානය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT