රථ වාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියැදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රථ වාහන මාර්ග නීති උල්ලංඝනය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියැදුරු අවාසිසහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවකු තෝරා ගැනීමට ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඇමැති මණ්ඩලය මඟින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්රදානය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නුවන් කොඩිකාර