Saturday, May 10, 2025
Home » සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

by yasara
September 11, 2024 3:46 pm 0 comment

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වැනිදා වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 48 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ලෙස හැඳින්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT