Saturday, May 10, 2025
Home » කෝටි තුනක් වටිනා විදේශිය විස්කි තොගයක් කටුනායක දී හසුවෙයි

කෝටි තුනක් වටිනා විදේශිය විස්කි තොගයක් කටුනායක දී හසුවෙයි

by yasara
September 11, 2024 4:04 pm 0 comment

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ  ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු සමග  ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතර කොළඹ – 13 , කොළඹ – 15 , කොළඹ හෙට්ටිවීදිය , හැටන් – කොටගල , වත්තල හේකිත්ත යන ප්‍රදේශ වල පදිංචිකරුවන්  සහ ඉන්දීය ජාතික එක් ගුවන් මගියෙකු ද වූහ .

මොවුන් අද (11) අලුයම 04.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විවිධ වර්ග වල විස්කි සහ වොඩ්කා බෝතල් 159 ක් , මෙරටට ආනයනය තහනම් කර ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 05 ක් , චොක්ලට් , ස්වර්ණාභරණ ලෙස සකස් කළ ආභරණ තොගයක් , සුදු යකඩ මුදු , මාළ තොගයක් , ස්ථාවර දුරකථන සහ කමීස තොගයක් ද විය .

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT