Home » ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට

ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට

by yasara
September 12, 2024 9:44 am 0 comment

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ  (11 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 09/05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09/10 දින පවත්වා තිබුණි .

එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා අති විශාල පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT