අවුරුදු 3යි මාස 1ක් වයසැති සිඟිති දරුවකුට බරපතළ ලිංගික අතවර කළ ලංකාපුර ප්රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව අංක 1 මහේස්ත්රාත් යූ.ඒ.එස්.කේ. වික්රමරත්න මහතා හමුවට ඉදිරිපත් කළ පසු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරකර ඇත.
සැකකරු වූයේ ලංකාපුර 316 ප්රදේශයේ පදිංචි පුද්ගලයකි.
බරපතළ ලිංගික අතවරයට ලක්වූ දැරිය පොලොන්නරුව රෝහලේ නේවාසික ප්රතිකාර ලබමින් සිටියි. අතවරයට ලක්වූ දියණියගේ ලොකු තාත්තා වන සැකකරු දියණියට බිස්කට් දෙන්න යැයි කියා රවටා නිෙවසේ කිසිවෙක් නොමැති අවස්ථාවේ දියණියට බරපතළ ලෙස ලිංගික අතවර සිදුකර ඇති බව ද ඇය දියනාන අවස්ථාවේ දියණියගේ ආච්චි ඇඟේ සබන් ගානවිට තහනම් ප්රදේශය රිදෙන බව පැවසූ අවස්ථාවේ මෙම ලිංගික අතවරය පිළිබඳ හෙළිදරව් වූ බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පුලස්තිගම පොලිසියේ නිලධාරියකු සඳහන් කළේය.
දැරියගේ ආච්චි විසින් පුලස්තිගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පුලස්තිගම පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.ඩී. ඩයස් මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කසාද දෙකක් කරගෙන ඇති බව ද කාන්තාවන් දෙදෙනා විදෙස් රටක රැකියා සඳහා පිටව ගොස් ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් ඇත.
දැනට මෙම පුද්ගලයා පමණක් නිෙවසේ සිටියදී දැරිය නිෙවසට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව ද පුලස්තිගම පොලිසිය පවසයි.
පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා පුලස්තිගම පොලිසියේ පොලිස් සැරයන් (50467) නන්දසිරි මහතා විසින් ඊයේ උදේ පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු අංක 1 මහේස්ත්රාත් යූ.ඒ.එස්.කේ. වික්රමරත්න මහතා විසින් සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.