Sunday, May 11, 2025
Home » අවු­රුදු තුනක සිඟි­ත්ති­ය­කට ලිංගික අත­වර කළ අයෙක් 20දා දක්වා ඇතු­ළට

අවු­රුදු තුනක සිඟි­ත්ති­ය­කට ලිංගික අත­වර කළ අයෙක් 20දා දක්වා ඇතු­ළට

by Gayan Abeykoon
September 12, 2024 2:00 am 0 comment

ඇළ­හැර - සරත් වෙල­ගෙ­දර

අවු­රුදු 3යි මාස 1ක් වය­සැති සිඟිති දරු­ව­කුට බර­ප­තළ ලිංගික අත­වර කළ ⁣ලංකා­පුර ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු පුල­ස්ති­ගම පොලි­සියේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන පොලො­න්න­රුව අංක 1 මහේ­ස්ත්‍රාත් යූ.ඒ.එස්.කේ. වික්‍ර­ම­රත්න මහතා හමු­වට ඉදි­රි­පත් කළ පසු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාරකර ඇත.

සැක­කරු වූයේ ලංකා­පුර 316 ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකි.

බර­ප­තළ ලිංගික අත­ව­ර­යට ලක්වූ දැරිය පොලො­න්න­රුව රෝහලේ නේවා­සික ප්‍රති­කාර ලබ­මින් සිටියි. අත­ව­ර­යට ලක්වූ දිය­ණි­යගේ ලොකු තාත්තා වන සැක­කරු දිය­ණි­යට බිස්කට් දෙන්න යැයි කියා රවටා නි‍ෙවසේ කිසි­වෙක් නොමැති අව­ස්ථාවේ දිය­ණි­යට බර­ප­තළ ලෙස ලිංගික අත­වර සිදු­කර ඇති බව ද ඇය දිය­නාන අව­ස්ථාවේ දිය­ණි­යගේ ආච්චි ඇඟේ සබන් ගාන­විට තහ­නම් ප්‍රදේ­ශය රිදෙන බව පැවසූ අව­ස්ථාවේ මෙම ලිංගික අත­ව­රය පිළි­බඳ හෙළි­ද­රව් වූ බව සිද්ධිය පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වන ⁣පුල­ස්ති­ගම පොලි­සියේ නිල­ධා­රි­යකු සඳ­හන් කළේය.

දැරි­යගේ ආච්චි විසින් පුල­ස්ති­ගම පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් අනුව සැක­කරු පුල­ස්ති­ගම පොලි­සියේ නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගත් බව පුල­ස්ති­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කේ.එච්.ඩී. ඩයස් මහතා පැව­සීය.

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා කසාද දෙකක් කර­ගෙන ඇති බව ද කාන්තා­වන් දෙදෙනා විදෙස් රටක රැකියා සඳහා පිටව ගොස් ඇති බව ද පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි­ද­රව් ඇත.

දැනට මෙම පුද්ග­ලයා පම­ණක් නි‍ෙවසේ සිටි­යදී දැරිය නි‍ෙව­සට රැගෙන ගොස් මෙම අප­රා­ධය සිදු­කර ඇති බව ද පුල­ස්ති­ගම පොලි­සිය පව­සයි.

පුල­ස්ති­ගම පොලි­සියේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා පුල­ස්ති­ගම පොලි­සියේ පොලිස් සැර­යන් (50467) නන්ද­සිරි මහතා විසින් ඊයේ උදේ පොලො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ පසු අංක 1 මහේ­ස්ත්‍රාත් යූ.ඒ.එස්.කේ. වික්‍ර­ම­රත්න මහතා විසින් සැක­කරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාරගත කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT