Thursday, May 15, 2025
Home » මාමා ගෙනා මත් පැන් බෝතනය පානය කළ පාසල් සිසුන් සිහිසුන්ව රෝහල් ගත කෙරේ

මාමා ගෙනා මත් පැන් බෝතනය පානය කළ පාසල් සිසුන් සිහිසුන්ව රෝහල් ගත කෙරේ

by yasara
September 12, 2024 12:12 pm 0 comment

කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වී  ඊයේ (11 ) යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එම මත්පැන් බෝතලය රැගෙන එන ලද මාමා කෙනෙකු මත්පැන් බෝතලය නිවසේ තබා තිබියදී පාසල් සිසුවා එය හොරෙන් පාසලට රගෙන ගොස් අතර මැද ස්ථානයක සගවා තිබේ.

සවස් කාලයේ උපකාරක පන්තිය හමාර වීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කොට මත්පැන් පානය කොට තිබේ.

මෙම මත්පැන් පානය කිරීමෙන් පසුව ස්වල්ප වේලාවකදී සිසුන් හතර දෙනාම එක දිගටම වමනය කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පාර අයිනේ සිහිසුන්ව ඇද වැටී තිබේ.

මහපාරේ ගිය එක් පුද්ගලයෙකු එක් සිසුවෙකුව හදුනාගෙන ඔහුගේ පියාට දුරකතන ඇමතුමක් ලබා දී සිසුන් රෝහල් ගත කර තිබෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර මෙම මත්පැන් බෝතලයේ යම් විෂ ද්‍රව්‍යයක් අන්තර්ගතව තිබුණේ දැයි පර්යේෂණ සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT