Home » බංග්ලාදේශයේ මැතිවරණය කල් යන ලකුණු

බංග්ලාදේශයේ මැතිවරණය කල් යන ලකුණු

ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව අන්තර්වාර රජයේ ප්‍රධානියා කියයි

by mahesh
September 13, 2024 1:00 am 0 comment

කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහි කිරිමට ජනතාවට අවස්ථාව ලබා දෙන බව කියමින් බංග්ලාදේශයේ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පිහිටුවනු ලැබූ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් පෙරේදා රාත්‍රියේ ජාතිය ඇමතූ බවත්, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට එරට උද්ගත වී ඇති විදුලි අර්බුදය සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධව විසඳුම් සෙවීමේ අභියෝගයට මුහුණපා සිටින අන්තර්වාර රජය රටේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වනතුරු මැතිවරණයක් නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

බංග්ලාදේශයේ කීර්තිමත් පුද්ගලයන් 6 දෙනකුගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභා හයක් පිහිටුවීමට අන්තර්වාර රජයේ අවධානය යොමු වී ඇතැයි ද, අදාළ ක්ෂේත්‍රවල පළපුරුද්ද සහ අත්දැකීම් ඇති පුද්ගලයන් එම කොමිෂන් සභාවලට පත් කරන බවද මහාචාර්යවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරිමේ කොමිසම, පොලිස් පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිසම, අධිකරණ ප්‍රතිසංස්කරණ කොමිසම, දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ කොමිසම, රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ කොමිසම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කොමිසම පත් කිරීමෙන් පසු රජයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑමට හැකිවනු ඇතැයි මහාචාර්ය මොහොමඩ් යූනුස් එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශය නැවත ගොඩ නැඟීමට මහජනතාවගේ සහාය ඉල්ලා සිටි මහාචාර්යවරයා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළ යුතුව ඇතැයි අවධාරණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT