Home » විපක්ෂ නායක සහ කාදිනල් මැල්කම් හිමිපාණන් අතර විශේෂ හමුවක්

විපක්ෂ නායක සහ කාදිනල් මැල්කම් හිමිපාණන් අතර විශේෂ හමුවක්

by mahesh
September 13, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

තරාතිරම නොබලා පාස්කු දා ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පොරොන්දු වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර සුවිශේෂී හමුවක් පෙරේදා (11) කොළඹදී සිදු විය. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත්, අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු විය. එසේම පාස්කු දා ප්‍රහාරයේ වින්දිතයන්ට සහන දීමටත්, මෙහි මහ මොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දීමටත් තමා කටයුතු කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT