Home » වෙලේ සුදාගේ සිරකුටියෙන් ජංගම දුරකථනයක් හමුවෙයි

වෙලේ සුදාගේ සිරකුටියෙන් ජංගම දුරකථනයක් හමුවෙයි

by yasara
September 13, 2024 10:08 am 0 comment

බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන තිබෙයි.

විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කදවුරේ  නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ කොටසේ අංක 38  සිර කුටිය පරික්ෂාවට ලක් කර ඇත.

මේ අනුව එහි පිටුපස කොටසේ  තිබී සිම්පත් රහිත ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙයි.

එය වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT