Monday, May 12, 2025
Home » දියණිය මාස හතරක ගැබිණියක් කළ පියා අත්අඩංගුවට

දියණිය මාස හතරක ගැබිණියක් කළ පියා අත්අඩංගුවට

by yasara
September 13, 2024 10:14 am 0 comment

යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ 54 හැවිරිදි පියෙකු විසින් තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිණියක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය විසින් ඔහුව  ඊයේ  (12 ) දා අත් අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම ඇයව බියගන්වා බලහත්කාරයෙන් දූෂණය කොට ඇති අතර ඉන් පසුව කාලයක්ම මේ පියා සිය බිරිදට හොරෙන් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වී තිබේ.

හදිසියේම ඇයට වැළදුණු අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය මාස හතරක ගැබිණියක් බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.

මේ ගැන තොරතුරු විමසීමේදී තරුණිය සියලු විස්තර වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීමෙන් පසුව එම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලීසිය සැකකරුව අත් අඩංගුවට ගෙන ඇති අතර තරුණිය පූර්ණ වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සැකකටයුතු පියා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චුන්නාකම් පොලීසිය පියවර ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT