Sunday, May 11, 2025
Home » මුතියංගණ විහාරස්ථානයේ ‘මධූ‘ හස්තියා වලකට වැටී මිය යයි

මුතියංගණ විහාරස්ථානයේ ‘මධූ‘ හස්තියා වලකට වැටී මිය යයි

by yasara
September 13, 2024 10:57 am 0 comment

බදුල්ල ඓතිහාසික මුතියංගණය රජමහා විහාරස්ථානයේ මධූ හස්තියා මහියංගණ හසලක පාලම් හංදිය ප්‍රදේශයේ ගෙවත්තක අනාරක්ෂිත වලකට ඇද වැටී ඊයේ (12) පස්වරුවේ මියගිය බව මහියංගණ පොලිසිය පවසයි .

මහියංගණ රජමහා විහාරස්ථානයේ මේ දිනවල පැවත්වෙන පෙරහර සදහා බදුල්ල මුතියංගණය රජමහා විහාරස්ථානයේ සිට මහියංගණ විහාරස්ථානයට රැගෙන ගොස් සිටි මධු හස්තියා සිය ඇත්ගොව්වා විසින් හස්තියා ට අවශ්‍ය ආහාර (කිතුල් කොට) රැගෙන ඒමට මහියංගණ රජමහා විහාරස්ථානයේ සිට කිලෝ මීටර් 10ක පමණ දුරකින් පිහිටි හසලක පාලම් හංදිය ප්‍රදේශයේ ඉඩමක ට ගොස් සිටියදී එහි ගෙවත්තේ අනාරක්ෂිත පැරණි වලකට ඇද වැටී මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියයනවිට අවුරුදු 28 ක් පමණ වයසේ පසුවූ මධු හස්තියා එවකට 1999 වසරේදී  හිටපු අග්‍රාමාත්‍ය වරයකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා විසින් බදුල්ල ඓතිහාසික මුතියංගණය රජමහා විහාරස්ථානය ට පූජා කල බවද පැවසෙයි.

ලොකු කුඩා සැමදෙනා ආදරය කල ඉතාමත් හීලෑ සුරතල් මෙන්ම පෙරහරේ හේවිසි බෙරනාදයට තාලයට එහාට මෙහාට  නටමින් ගමන් කරන පෙරහර වලට අලංකාරය ක් එක්කල මධු හස්තියා බදුල්ල  මුතියන්ගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් පෙරහර , නුවර දලදා මාලිගාවේ පෙරහර , මහියංගණ ඇසල පෙරහර , දේව පෙරහර, ඇල්ල කිතල් ඇල්ල  පෙරහර   ඇතුළු  පෙරහර  රැසක ගමන් ගත් හස්තියෙකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT