Saturday, May 10, 2025
Home » හෙද නිලධාරිනියකගේ නි‍ෙවසින් රන් භාණ්ඩ සොරාගත් සාත්තු සේවිකාව අත්අඩංගුවට

හෙද නිලධාරිනියකගේ නි‍ෙවසින් රන් භාණ්ඩ සොරාගත් සාත්තු සේවිකාව අත්අඩංගුවට

by mahesh
September 13, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කොළඹ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියකගේ නි‍ෙවසින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනා රන් භාණ්ඩ ඇතුළු මුදල් සොරාගත් සාත්තු සේවිකාවක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සැකකාරිය තමන් විසින් සොරාගත් රන් මුදුවක්, අත් පලඳනාවක්, පෙන්ඩන් දෙකක්, රන්මාලයක්, කරාබු ජෝඩු තුනක් හා රුපියල් 6500ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

වැල්ලවත්ත සුවි සුද්දාරාම පාරේ පදිංචි පැමිණිලිකාර හෙද නිලධාරිනියගේ සැමියා පෙරේදා (11) විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ කරා යෑමට නියමිතව තිබූ බැවින් නි‍ෙවසේ කිසිවෙකු නොමැති නිසා පැමිණිලිකාරිය සේවය කරන පෞද්ගලික රෝහලේ සාත්තු සේවිකාවක් නි‍ෙවසේ නතර කර ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එදිනම අලුයම 4.30ට පමණ නි‍ෙවසට පැමිණ නින්දට ගොස් තිබූ හෙද නිලධාරිනිය පෙරවරු 10.00 ට පමණ අවදි වී බැලීමේදී දියණියගේ අල්මාරියේ තබා තිබූ මුදල් පසුම්බිය ඇද දමා ඇති බව දැක සැකසිතී පැමිණිලිකාරියගේ රන් භාණ්ඩ සොයා බැලීමේදී නොමැති බවට දැනගැනීමෙන් පසු නි‍ෙවසේ නතර කර ගිය සාත්තු සේවිකාව සම්බන්ධයෙන් සැක කරන බව පවසමින් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

එම රන් භාණ්ඩවල බර පවුම් 3 1/2ක් බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හංවැල්ල, කළුඅග්ගල, මූණමලේ ජනපදය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි සැකකාර කාන්තාව සොරාගත් රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT