ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් ප්‍රදේශයේ සියලුම පෙර පාසල් සම්බන්ධ කරගනිමින් පැවැත්වූ ‘සෙනෙහසේ සිතුවම්’ චිත්‍ර ප්‍රදර්ශනය විද්‍යාලයීය ඩව්බිගින් ශාලාවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ද්වී භාෂා අධ්‍යක්ෂිකා ඉරෝෂිණී පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම වැඩසටහනට ප්‍රදේශයේ පෙර පාසල් 37ක්, දරු දැරියන් 175 දෙනෙකු පමණ සහභාගි වූ අතර, එම පෙර පාසල් දරුවන් විසින් ‘සෙනෙහසේ සිතුවම්’ මාතෘකාව යටතේ අඳින ලද චිත්‍ර 200ක් පමණ මෙදින ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන තිබුණි.
එලෙස චිත්‍ර ඉදිරිපත් කර තිබූ සියලුම දරුවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද, විවිධ ගැටලු මධ්‍යයේ පෙර පාසල් පවත්වාගෙන යමින් පූර්ණ ළමාවිය සංවර්ධනය කරන පෙර පාසල් පාලිකාවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.
වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මන්චි බිස්කට් ආයතනය, සන් කුවික් ආයතනය සහ හැටන් නැෂනල් බැංකුව යන ආයතන පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේය.
විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රජා සත්කාර වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ස්නේහා වික්‍රමසිංහ මෙනවිය ද, එච්. මාජින් මෙනවිය ද, රුවන්ති වික්‍රමසිංහ මහත්මිය ද, පෙර පාසල් පාලිකාවන් ද, පෙර පාසල් දරු දැරියෝ ද ඔවුන්ගේ මව්පියෝ ද සහභාගි වූහ.