Sunday, May 11, 2025
Home » ESOFT Metro Campus වෙතින් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව 1500ක්

ESOFT Metro Campus වෙතින් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව 1500ක්

by damith
September 14, 2024 1:20 am 0 comment

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ශිෂ්‍යයකු වෙත ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනු ලබන අවස්ථාව. ESOFT Metro Campus සභාපති සහ සමූහ අලෙවි අධ්‍යක්ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී නිශාන් සෙම්බකුට්ටිආරච්චි සහ ප්‍රධාන විධායක නිලධාරී අමිල බණ්ඩාර මහත්වරුද මෙහි වෙති.

තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ දක්ෂතා වෙනුවෙන් දායක වීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ, 3 වැනි මට්ටමේ ඩිප්ලෝමාවක් හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිසුන් 1,500කට අධික සංඛ්‍යාවක් තෝරාගෙන ඇත.

අගෝස්තු 30 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකදී එහි ආරම්භක අවස්ථාව සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතින් සිසුන් 40 දෙනෙකු වෙත ශිෂ්‍යත්වප්‍රධානය සිදුකරන ලදි. ESOFT Metro Campus හි සභාපති සහ සමූහ අලෙවි අධ්‍යක්ෂ ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ESOFT හි දිවයින පුරා පිහිටි ශාඛා 40ක සහ පාසල්වල සිදුකරනු ලැබූ තරග විභාගයක් මඟින් 10 සහ 11 වසර සිසුන් මේ සඳහා තෝරාපත්කර ගෙන ඇත. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, සිසුන්ට 4 සහ 5 යන මට්ටම්වල උසස් ජාතික ඩිප්ලෝමා හදාරා, බ්‍රිතාන්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමට හැකිවන අතර, ඒ අනුව ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 20 වීමටත් පෙර, ආයතනික ලෝකයේ විශිෂ්ටත්වය දැක්වීමට හෝ ඔවුන්ගේ ව්‍යවසායකත්ව ප්‍රයත්න ආරම්භ කිරීම සඳහා හෝ ඉහළ සුදුසුකම් ලත් දක්ෂතා සහිත පිරිසක් බවට කරනු ලබයි.

මෙම මුලපිරීම සැලසුම්කර ඇත්තේ සිසුන්ට එක අතකින් ඔවුන්ගේ සාමාන්‍ය පාසල් විෂය මාලාව හැදෑරීමට ඉඩ සලසන අතරම තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ ඊළඟ පරම්පරාවත් පෝෂණය කිරීම සඳහා ය. මෙය අනාගතයට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට අවශ්‍ය අංග සම්පූර්ණ ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමේ ශ්‍රී ලංකා රජයේ දැක්ම සමඟ ද සමපාත වේ. තවද පෙර තේරීම් වටය මග හැරුණු සිසුන්ට සැප්තැම්බර් 30 වනදා දක්වා ඕනෑම ESOFT ශාඛාවකට ගොස් ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා පරිගණක මඟින් තේරීම් පරීක්ෂණයට පෙනී සිටිය හැකි බව ESOFT නිවේදනය කරයි. ජාතික, පළාත් හෝ ජාත්‍යන්තර පාසල්වල 10 වසර සිසුන් මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT