Sunday, May 11, 2025
Home » විය­ට්නා­ම­ය සලිත කළ සුළි කුණාටුව

විය­ට්නා­ම­ය සලිත කළ සුළි කුණාටුව

by damith
September 14, 2024 1:20 am 0 comment

රජිත බස්නායක

බංග්ලා­දේ­ශයේ සිදු වූ අර­ග­ල­යෙන් පසු ෂෙයික් හසී­නාට රට හැර­දමා යාමට සිදු­වීම මීට සති කිහි­ප­ය­කට පෙර ජන­ප්‍රි­යම මාතෘ­කාව බවට පත්විය. පසු­ගිය කාලය පුරාම පාහේ අස­න්නට, දකි­න්නට ලැබුණු යුද පුව­ත්ව­ලින් අන­තු­රුව එය වෙනස්ම ආර­ක්ගත් මාතෘ­කා­වක් විය. ඒ කෙසේ වෙතත් මේ කතා­මැද විය­ට්නා­ම­යට අත්වි­ඳි­න්නට සිදු­වූයේ වෙනස්ම කතා­ව­ක­ටය. පසු­ගි­යදා විය­ට්නා­මය තුළට කඩා­වැ­දුණේ ටයි­පූන් කුණා­ටු­වයි. මේ හේතු­වෙන් පුද්ග­ල­යන් 60 දෙනෙ­කුට වඩා මිය­ගිය බව සඳ­හන් කරන්නේ එරට රාජ්‍ය මාධ්‍ය­යයි. ටයි­පූන් යාගි කුණා­ටුව විය­ට්නා­ම­යට කඩා වැදී­මෙන් පසු සෙන­සු­රාදා දින­යේදී පුද්ග­ල­යන් නව­දෙ­නෙකු මිය­ගිය අතර ඉතිරි පිරිස ඉරිදා සහ සඳුදා දින­වල මිය­ගිය බව මාධ්‍ය වාර්තා­වන්හි සඳ­හන් කර තිබිණි. ඒ පිළි­බඳ තව­දු­ර­ටත් විස්තර දක්ව­මින් වි.එන්. එක්ස්ප්‍රස් රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරනු ලැබුවේ මිය­ගිය සියලු දෙනා ගංව­තුර සහ නාය­යෑ­ම්ව­ලින් මිය­ගිය බවයි.

TYPHOON YAGI

විය­ට්නා­ම­යට මේ වන විට බලපා ඇති සුළි කුණා­ටුව උතුරු විය­ට්නා­ම­යට හමා එන ලද දරු­ණු­තම කුණා­ටුව ලෙසින් සැලකේ. මෙම Yagi යන නමින් ජපන් භාෂා­වෙන් හඳු­න්වනු ලබන්නේ මකර රාශියේ තාරකා මණ්ඩ­ල­යයි. මීට පෙර ප්‍රබල ලෙසින් බල­පාන ලද කුණා­ටුව වන්නේ ඉන් වසර දහ­ය­කට පෙර, එනම් 2014 වසරේ ජූලි 23 වැනිදා බල­පානු ලැබූ කුණා­ටු­වයි. එම කාල­ගු­ණික කුණා­ටුව හේතු­වෙන් හදිසි ගංව­තුර තත්ත්ව­යක් මෙන්ම නාය­යෑම් ද ඇති­විය. ඉන් පුද්ග­ල­යන් 27 දෙනෙකු විදු­ලි­සැර වැදී මිය ගිය අතර කුණා­ටුව හෙක්ට­යාර 4200ක් දක්වා ප්‍රදේ­ශ­ය­කට බල­පා­න්නට විය. මේ හේතු­වෙන් නිවාස 750කට වැඩි ප්‍රමා­ණ­යක් කඩා­බිඳී ගිය අතර තවත් දේපළ 6000කට ආසන්න ප්‍රමා­ණ­යක් ජල­යෙන් යට­විය. එම වස­රේ­දීම පිලි­පී­න­යට බලපෑ රම්ම­සුත් කුණා­ටුව හේතු­වෙන් පුද්ග­ල­යන් සිය­දෙ­නෙකු පමණ මිය යනු ලැබුවේ නිවාස ලක්ෂ­ය­කට වඩා විනා­ශ­යට පත්වී­මෙනි. එහිදී තවත් නිවාස ලක්ෂ හත­රක් පමණ විනාශ වූ අතර මිලි­යන භාග­යක ජන­තා­වක් අව­තැ­න්වූහ. තවද Typhoon රැම්සන් සුළි කුණා­ටුව 2014 වසරේ ජූලි මාස­යේදී පිලි­පී­න­යට ද කඩා­වැ­දුණු අතර එහිදී විදු­ලිය බිඳ­වැ­ටීම් මෙන්ම අග­නු­වර හරහා දැඩි සුළං හමා යෑම ද සිදු­විය. එමෙන්ම විදුලි සංදේශ මාර්ග­ව­ලට එය දැඩි ලෙස බල­පා­න්නට විය. චීන­ය­ටද Typhoon රැම්සන් කුණා­ටුව 1973 වස­රේදී බලපෑ අතර එය බල­පානු ලැබුවේ චීනයේ හයි­නාත් දූප­ත­ටයි. එහිදී 46 දෙනෙකු මිය­ගිය අතර නිවාස 37,000ක් පමණ විනාශ විය.

යාගි කළ හානිය

යාගි සුළි කුණා­ටුව විය­ට්නා­ම­යට ගොඩ­ව­දි­න්නට පෙර එය පැමි­ණියේ පිලි­පී­නය දෙසිනි. කෙසේ වෙතත් කාල­ගු­ණය අනා­වැකි පිළි­බඳ වූ මධ්‍ය­ස්ථා­නය විසින් මේ සම්බ­න්ධ­යෙන් විය­ට්නාම ජන­තාව වෙත දැනු­ම්වත් කිරීම් කිරී­මට පිය­වර ගෙන තිබිණි. එහිදී ඔවුන් සඳ­හන් කර සිටියේ ගැඹුරු ජලයේ මසුන් ඇල්ලී­මෙන් වළ­කින ලෙසත් එළි­ම­හන් රැස්වීම් සංවි­ධා­නය කිරී­මෙන් වළ­කින ලෙසත්, නිවා­ස­වල ආර­ක්ෂාව පිළි­බ­ඳව සොයා බලන ලෙසත්ය. තවද විය­ට්නා­මයේ උතුරු පළාතේ පාසල් වසා­දැ­මී­මට ඔවුන් තීර­ණය කළ අතර වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­යන්හි යාත්‍රා ක්‍රියා­ත්මක කිරීම තහ­නම් කර තිබිණි. එමෙන්ම සැප්තැ­ම්බර් 7 දිනට නිය­මි­තව තිබූ ජාත්‍ය­න්තර හා දේශීය ගුවන් ගමන් 310ක් පමණ අව­ලංගු කර­න්නට විය. ඒ සම­ගම උතුරු විය­ට්නා­මයේ වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­ව­ලින් පුද්ග­ල­යන් 50,000කට ආසන්න පිරි­සක් ඉවත් කිරී­මට ද යුහු­සුළු විය. එමෙන්ම සුළි කුණා­ටුව විය­ට්නා­ම­යට ගොඩ­බැ­සී­මට සිදු­වේ­යැයි අපේක්ෂා කළ දින අග­මැ­ති­ව­රයා විසින් විශේෂ නිවේ­ද­න­යක් නිකුත් කර­න්නට විය. එම නිවේ­ද­නය මඟින් ඔහු පළාත් සහ නග­ර­වල ඒ ඒ කාර්ය­යන් භාර අමා­ත්‍ය­ව­රුන් අමතා ප්‍රකාශ කර සිටියේ කඩි­නම් පිය­වර ගැනී­මට කට­යුතු කරන ලෙසයි. මේ සමඟ සිදු­වන හානිය අවම කර ගැනීම සඳහා දකුණු විය­ට්නා­මයේ ප්‍රධාන ගොඩ­බිම් අතර සිදු­වන පාරු සේවා­වන් නවතා දැමී­මට කට­යුතු කරන ලදි. මේ අත­රම ඔවුන් සිදු­ක­රනු ලැබූ කට­යු­ත්තක් වූයේ අත්‍ය­වශ්‍ය ආහාර දින පහේ සිට දින දහය දක්වා එක්රැස් කර තබා­ගැ­නී­මට කට­යුතු කිරී­මයි. උතුරු – දකුණු දුම්රිය මාර්ග 12ක් පමණ වසා දමන ලද අතර 46,000කින් යුත් මහ­ජන හමු­දා­වක් සූදා­නම් කර තැබීය. සැප්තැ­ම්බර් 7 වැනිදා තායි­ල­න්තය හා රුසි­යාව අතර හැනෝ­යිහි පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ පාපන්දු තර­ග­යක් ද අව­ලංගු කරන ලදි.

යාගි සුළි කුණා­ටු­වෙන් පසු රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කර සිටියේ 59 දෙනෙකු මිය­ගොස් සිය ගණ­නක් පමණ තුවා­ලව ඇති බවයි. ඔවුන් එහිදී සඳ­හන් කර සිටියේ යාගි සුළි කුණා­ටුව යනු එතෙක් මෙතෙක් ආසි­යා­වට දැඩි ලෙස බල­පානු ලැබූ කුණා­ටුව බවයි. රොයි­ටර් පුවත් සේවය ඒ ආකා­ර­යට සඳ­හන් කරන විට විය­ට්නා­මයේ කෘෂි­කර්ම හා ග්‍රාමීය සංව­ර්ධන අමා­ත්‍යං­ශය ඒ වන­ වි­ටත් ප්‍රකාශ කර සිටියේ 44 දෙනෙකු මිය­ගිය බවයි.

මරණ

සඳුදා දින තත්ත්වය එසේ වුවද ඉරිදා දින රාජ්‍ය මාධ්‍ය­යන්ගේ වාර්තා­වන් අතර සට­හන්ව පැව­තියේ උතුරු කඳු­ක­රයේ එක් පළා­තක පුද්ග­ල­යන් 17 දෙනෙකු මිහි­දන්ව සිටි බවයි. මෙම 17 දෙනා­ගෙන් හය දෙනෙකු මිය­ගොස් නව දෙනෙකු තුවාල ලැබීය.

යාගි සුළි කුණා­ටුව සෙන­සු­රාදා උතුරු විය­ට්නා­ම­යට ඇතු­ළු­වී­මෙන් පසු රට තුළ සුළං තත්ත්වය ලෙසින් දැක්වූයේ පැයට කිලෝ­මී­ටර 203ක පමණ තත්ත්ව­යකි. එකී දැඩි සුළං තත්ත්වය හේතු­වෙන් ගොඩ­නැ­ඟි­ලි­වල වහල පවා මුලි­නු­පුටා යන්නට වූ අතර හැනෝයි අග­නු­වර ඇතුළු කලා­ප­යහි විදු­ලිය පවා ඇන­හි­ටින තත්ත්ව­ය­කට පත්විය. ජාත්‍ය­න්තර මාධ්‍ය­යන්හි පවා පළවූ විශේ­ෂි­තම පුව­තක් වූයේ රථ­වා­හන ගමන් කර­මින් තිබූ පාල­මක් හිටි­හැ­ටියේ කඩා­වැ­ටී­මයි. සඳුදා උදෑ­සන උතුරු ෆුතෙන් පළාතේ සිදු වූ පාලම කඩා­වැ­ටීමේ වීඩියෝ දර්ශ­න­යක් ද ජාත්‍ය­න්තර මාධ්‍ය­යන්හි විකා­ශය වූ අතර, මේ අන­තු­රින් පාලම මත ගමන් කර­මින් තිබූ මෝටර් රථ 10ක් සහ ස්කූටර් දෙකක් ගඟට ඇද­වැ­ටුණු බව සඳ­හන්ය. මේ අතර වාරයේ සුළි කුණා­ටු­වෙන් ගසා­ගෙන යන ලද ධීව­වර බෝට්ටු 40කට වඩා වැඩි සංඛ්‍යා­වක් දියඹේ ගසා­ගෙන ගොස් හෝ ගිලී ඇති බවත් මුහුදේ ගසා­ගෙන යමින් සිටි පුද්ග­ල­යින් 27 දෙනෙකු ගලවා ගැනීමේ නිල­ධා­රීන් විසින් සොයා­ගත් බවට ද තොර­තුරු වාර්තා­විණි.

ගංව­තුර

AFP පුවත් සේවය සඳ­හන් කර සිටියේ Hai phong වරාය නග­රයේ ප්‍රදේශ කිහි­ප­යක් ඉරිදා වන­විට ගංවතු­රින් මීටර භාග­යක් පමණ යටව තිබූ බවත් එහිදී විදුලි රැහැන් මෙන්ම විදුලි කණු­ව­ල­ටද හානි සිදුව ඇති බවත්ය. පසු­ගිය බදාදා වන­විට රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කර සිටියේ යාගි සුළි කුණා­ටුව හේතු­වෙන් පුද්ග­ල­යන් 150 දෙනෙකු පමණ මිය­ගොස් ඇති බවයි. මෙහි සිදු වූ විශේ­ෂි­තම කරුණ වන්නේ වසර 1000කට වඩා ඉති­හා­ස­යක් ඇති හැනෝයි නග­රයේ රතු ගංගාව දශක දෙකක පමණ කාල­ය­කට පසුව ජලය ඉහ­ළම මට්ට­මක පෙන්නුම් කිරී­මය. මේ සම­ඟම රජයේ ඇස්ත­මේ­න්තුව වන්නේ 150කට වඩා වැඩි පිරි­සක් මෙයින් මිය­ගොස් ඇති බවයි. පසු­ගිය බදාදා වන­විට ජල මට්ටම ඉහළ ගිය ගංගාවේ ජලය අග­නු­වර සම­හර ස්ථාන­යන්හි මීට­ර­යක් පමණ ඉහ­ළට දක්නට ලැබුණු අතර හැනෝ­යිහි පරි­පා­ලන දිස්ත්‍රික්ක 30න් දහ­ය­කම ගංව­තුර අන­තුරු ඇඟ­වීම පව­තින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ අත­ර­තුර බොහෝ දෙනෙ­කුගේ අව­ධා­නය යොමුව තිබුණේ වයඹ දිග පළාතේ පිහිටි ජල විදුලි බලා­ගා­ර­යක් පිළි­බ­ඳ­වයි. එයට හේතු වූයේ වේල්ල අවට ජලා­ශ­යට වැඩි වශ­යෙන් ජලය ගලා­ඒම නිසා එය කඩා වැටීමේ අව­දාන­මක් පව­තින හෙයිනි. කොයි­හැටි වෙතත් බ්‍රහ­ස්ප­තින්දා සවස වන විට රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කර තිබුණේ පුද්ග­ල­යන් 179 දෙනෙකු ගංව­තු­රෙන් මිය­ගිය බවයි. ගංව­තුර තත්ත්වයේ අඩු­වක් නොමැති හෙයින් එරට රජය මඟින් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියේ පාසල් සිසුන්ට සතියේ ඉදිරි දින කිහි­පය ද නිවෙසේ රැඳී සිටින ලෙසියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT